18 May - දිස්ත්‍රික්ක 10කට නිකුත් කර තිබූ නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් බලපැවැත්වෙන බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසයි.

දිස්ත්‍රික්ක 10කට නිකුත් කර තිබූ නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් බලපැවැත්වෙන බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසයි.

එම දිස්ත්‍රික්ක වන්නේ ගාල්ල, මාතර,මාතලේ, රත්නපුර, කලුතර, කෑගල්ල, කොළඹ, මහනුවර, නුවරඑළිය සහ කුරුණෑගලයි.

පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් මෙම අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කළ බව එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා පවසයි.

මේ අතර ඉදිරි දින 03 තුළ පළාත් කිහිපයකට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පවසයි.

SRI LANKA WEATHER
nilusTV is basically the king of free online TV in the Sri Lanka. You can catch most top shows on there. also you can watch nilusTV Online for free! Watch all the top new Movies , Teledramas , Gossips and enjoy free Online nilusTV!


Copyright © 2011 - All Rights Reserved Nilus Creation
Created by